මිනීමැරුම් ඇතුළු අපරාධ නඩු රැසක් ඉවත් කිරීමේ යෝජනාවක් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ගෙනල්ලා - එරාන්
පසුගිය සමය තුළ මහත් ආන්දෝලනයට ලක්වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය, ජෝෂප් පරරාජසිංහම් ඝාතනය, වැලිකඩ ඝාතන ඇතුළු අපරාධ නඩු ගණනාවක් විභාග නොකර ඉවත් කිරීමේ යෝජනාවක් ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසයි.
"හදිස්සියෙන් කරන වැඩක්, හංගලා කරන වැඩක් අද පාර්ලිමේන්තුවට යෝජනාවක් හැටියට ගෙනල්ලා තියෙනවා. මේකෙන් කියනවා දේශපාලන පළිගැනීම් කොමිසමේ යෝජනාවේ අංක 8, 9, 10 කියන නිගමන ක්‍රියාත්මක කළයුතුයි කියලා . ඒකෙ තියෙන්නෙ විශේෂ ජනාධිපති කොමිසමේ නිර්දේශ. 8 කියන්නෙ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් ගණනාවකගේම ප්‍රජා අයිතිය අහෝසි කිරීම. ඒක හැර 9යි 10යි ක්‍රියාත්මක කරන්න ඕනෙ කියලායි මේකෙන් කියන්නෙ. මේක පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්න හදනවා.
මේකෙ අපරාධ නඩු තියෙනවා. මේ යෝජනාවෙන් කියනවා මේවා ඔක්කොම අයින් කරන්න කියලා. මොනවද මේකෙ තියෙන්නෙ ? එකක් තියෙනවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව, වසීම් තාජුඩීන්ගෙ මරණය පිළිබඳ සොයාබැලීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය, වැලිකඩ ඝාතන, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කරවීම, කීත් නොයාර් පැහැරගැනීම වගේ අපරාධ නඩු.
මේ යෝජනවා සම්මත වුණොත් මේකෙන් කියන්නෙ මේ ඔක්කොම අහෝසි කරනවා, මේ නඩු අහන්න අවශ්‍යතාවයක් නෑ කියලා කියන්නෙ. අධිකරණයේ තියෙන දේකට පාර්ලිමේන්තුවෙ යෝජනාවක් සම්මත කරලා කරන්න හදන්නෙ, නිදහස් ශ්‍රී ලංකාවෙ පාර්ලිමේන්තුවෙ කවදාවත් මෙහෙම යෝජනාවක් ඇවිල්ලා නෑ. මේක බරපතළ ප්‍රශ්නයක්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
එරාන් වික්‍රමරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
No comments: