Header Ads

Breaking News
recent

‘පාස්කු සටන පාරට ගෙන එනවා.. ආණ්ඩුව බදියුදීන්ලා සමග ඩීල් එකකයි..’- කතෝලික සභාවේ නිල මතය මාධ්‍ය ප‍්‍රකාශක කියයි

පාස්කු සටන පාරට ගෙන එන බව කතෝලික සභාව සඳහන් කරයි.

එම සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කරන්නේ ආණ්ඩුව මුස්ලිම් පක්ෂ සමග ඩීල් එකක සිටින බවයි. 

රිෂාද් බදුර්දීන් හිටපු අමාත්‍යවරයාගේ සහෝදරයා ඇප මත නිදහස් කළේ එම ඩීල් එක අනුව යයිද එතුමන් කියා සිටියි.

20 වෙනි සංශෝදනයට ද මුස්ලිම් පක්ෂ විසින් උදව් කරන ලද්දේ ඒ අනුව යැයි ද පැවසූ පියතුමා බලය තියාගන්න තම ජනතාව රවට්ටන්න හදන බවත් එය තාවකාලිකව බවත් පැවසීය.

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා මේ මොහොතේ සිටින්නේ පීඩනයක, කේන්තියක සහ වේදනාවක ඇයිද එතුමා සදහන් කරයි.

කාදිනල්තුමන් මොනවා කිව්වද පාස්කු ප්‍රහාරය මුස්ලිම් අන්තවාදි ප්‍රහාරයක් යයිද ඔහු කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

No comments:

Powered by Blogger.