Header Ads

Breaking News
recent

පාස්කු ප්‍රහාරය එල්ල වුණේ ජනාධිපති මගෙන් උපදෙස් නොගත් නිසයි… මෛත්‍රීගේ කුහකකම නිසා මගෙන් අවවාද ලබන්න කැමැති වුණේ නෑ – ෆොන්සේකා

ආරක්ෂක අංශ ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ තමන්ට ත්‍රස්තවාදය පිළිබඳ හොඳ දැනුමක් ඇතැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

එහෙත් යහපාලන ආණ්ඩුවේ ආරක්ෂක ඇමැති ධූරය දැරූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිම අවස්ථාවක තමා වැනි වෘත්තීය දක්ෂතා ඇති අයකුගෙන් අවවාද ලැබීමට, ළං කර ගැනීමට කැමැති නොවූ බව ද මන්ත්‍රීවරයා පවසයි.

දේශපාලන කුහකත්වය නිසා තමා නොතකමින් ඔහු තනිවම වරප්‍රසාද භූක්ති විඳිමින් කටයුතු කළ ද ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහු කිසිදු සැලකිල්ලක් නොදැක් වූ බවත් අවධාරණය කරයි.

එහි ප්‍රතිඵලය ලෙස පාස්කු ප්‍රහාරය එල්ල වූ බවත් ඒ මතින් වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ බවත් ඔහු අවධාරණය කරයි.

එහෙත් වර්තමාන ආණ්ඩුවට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමේ හැකියාවක් නොමැති බවත් සමගි බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරය එල්ල කළ පාර්ශ්වලට දඬුවම් ලබා දෙන බවත් වින්දිතයින්ට යුක්තිය ඉටුකරන බවත් සරත් ෆොන්සේකා ප්‍රකාශ කරයි.

ඊයේ (28) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළේ ය.

No comments:

Powered by Blogger.