Header Ads

Breaking News
recent

ලංකාවේ පැතිරෙන්නේ බි‍්‍රතාන්‍ය කොරෝනා ප‍්‍රභේදයදැයි ප‍්‍රබල සැකයක්.. ලක්‍ෂණය එසේමයි..

බ්‍රිතාන්‍යයේ පැතිරී පවතින බී 117 විකෘති වයිරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ පැතිරී ඇත්දැයි සැකයක් මතුවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තවේද හා ශෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජිවන්දර මහතා පවසයි.

බ්‍රිතාන්‍යයේ දී මෙම නව වෛරසය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේදී එහි එස් ප්‍රොටේන හඳුනාගැනීමේ හැකියාව නැතිව ගොස් තිබූ බවත් කොළඹ දී කරන ලද පරීක්ෂණ වලදී ද එවැනිම තත්ත්වයක් නිරීක්ෂණය වූ බවත් ඔහු කීය.

ශ්‍රී ලංකාවේ දැනට පැතිර පවතින්නේ අලුත් වයිසර ප්‍රභේදයක්ද නොඑසේ නම් දැනට පවතින වයිරසයේ විකෘතියක්ද යන්න ගැන සොයා බලා ගෙන යන බවද ඒ මහතා සඳහන් කළේය.

සිංහල අවුරුද්දෙන් පසු කොරෝනා රෝගීන්ගේ මෙන්ම එම රෝග ලක්ෂණවල ද වැඩි වීමක් පෙන්නුම් කෙරෙන බව පැවසූ චන්දිම මහතා තරුණ පිරිස්වලට ආසාදනය වීම ද වැඩිවන ප්‍රවණතාවයක් දක්නට ඇතැයි ප්‍රකාශ කළේය.

කොරෝනා ජාන විශ්ලේෂණ පරීක්ෂණ ලබන මස මුලදී අරඹන බව ද ඔහු කීය.

මේ අතර වෙනස් වයිරස ප්‍රභේද වෙනස් ක්‍රමයකින් හඳුනාගැනීමට ද කටයුතු කරගෙන යන බවත් ඒ සම්බන්ධ පී.සී.ආර් පරීක්ෂණ ලබන අඟහරුවාදා ආරම්භ කරන බවත් ඔහු පැවසීය.

මේ සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල 23 මෙරටට ලැබෙනු ඇතැයි ද ඒ මහතා විශ්වාසය පළ කළේය

– lankadeepa

No comments:

Powered by Blogger.