Header Ads

Breaking News
recent

විදෙස් ආයෝජන ගේනවා නම් පෝට් සිටි කොමිසමට චීනුන් පත් කළාම මොකෝ ? - මොහොමඩ් අලි සබ්‍රි

කොළඹ වරාය නගරයට විදෙස් ආයෝජන ගෙන්වා ගැනීම එහි මූලික අරමුණ වී ඇති හෙයින් ඊට හැකියාව ඇත්නම් එම වරාය නගරය පරිපාලනය කිරීම සඳහා ස්ථාපිත කෙරෙන කොමිසමට චීන ජාතිකයින් පත්කිරීමෙහි ගැටළුවක් නොමැති බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා අවධාරණය කරයි.

ප්‍රශ්නය - මෙම කොමිසමට සාමාජිකයින් පත්කිරීමේදී ඔවුන් ශ්‍රී ලාංකිකයින්ද පත්විය යුත්තේ කියන එක හරියට සඳහන් කරලා නෑ කියන එක තවත් චෝදනාවක් .. ?

"මේ ශ්‍රී ලාංකිකයින්ම පත්කරන්න ඕනෙ කියලා කොහෙද අනිත් ඒවාට සම්බන්ධව වෙලා තියෙන්නෙ ? ආණ්ඩුකාරවරු ශ්‍රී ලාංකිකයොම පත්කරන්න කියලා කියලා තියෙනවද කොහෙහරි ? මහබැංකුවෙ අධිපති ශ්‍රී ලාංකිකයෙක් පත්කරන්න ඕනෙ කියලා තියෙනවාද ? මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයො ශ්‍රී ලාංකිකද ? ඉතිං සාමාන්‍යයෙන් පත්කරන්න අභිමතය තියෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම වැඩියෙන් පත්වෙනවා ඇත්තේ ශ්‍රී ලාංකිකයො තමයි. නමුත් ශ්‍රී ලාංකික පුරවැසියන් නොවුණු පමණින්ම ලංකාවට ආදරය කරන මිනිස්සු නැද්ද ? එක පුද්ගලයෙක් හොරකම් කරලා පිටරට ගියා කියලා අනිත් හැමදෙනාම එක හැන්දෙන්ද කල්පනා කරන්නෙ ? "

ප්‍රශ්නය - මේ සැකය චීන ජාතිකයින් මේ හත්දෙනා හෝ පස්දෙනාට ඇතුළත් වෙන්න පුළුවන්ද කියන එක වෙන්න පුළුවන් ... 

"සැකය ඕනෙ දෙයක් තියාගන්න පුළුවන්. නමුත් අවසාන වශයෙන් මෙතෙන්ට මුදල් යොදවානෙ අපි ? බිලියන 1.4ක් යොදවලා තියෙනවා, මේක පුරවලා තියෙනවා. 2041 වෙද්දී මේකෙ යටිතල පහසුකම් හදලා බිල්ඩින් හදලා එනකොට ඒකට විතරක් වියදම් කරන එක, බිස්නස් කරන එක නෙවෙයි, ආයෝජනය බිලියන 15ක් කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා ඇමරිකන් ඩොලර්. මේවා මොනවටද කරන්නෙ ? බැඩ්මින්ටන් ගහන්නද ? ගම හරහා දුවන්නද ? නෑනෙ ? ආයෝජකයො ගෙන්නා ගන්න. ඉතිං ආයෝජකයො ගෙන්න ගන්න ශක්තිය තියෙන හැකියාව තියෙන ඒ සඳහා සුවිශේෂී දක්ෂතා තියෙන මිනිස්සු එකතු කරගත්තාම මොනවද වෙන්නෙ චීනෙ නෙවෙයි ඇමරිකන්කාරයො වුණත් ? ඉතිං හැමදෙනාම හොරු නෙවෙයි. හොරකම පූර්ව නිගමනය කරන්න බෑ. අර්ජුන මහේන්ද්‍රන්ගෙන් හැමදෙනාම ගැන හිතන්න බෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

මොහොමඩ් අලි සබ්‍රි මහතා මේ බව පැවසුවේ නෙත් එෆ්. එම්. ගුවන්විදුලි නාලිකාවෙහි වැඩසටහනක් සමග සම්බන්ධ වෙමිනි. 

No comments:

Powered by Blogger.