Header Ads

Breaking News
recent

(EXCLUSIVE) “කැරොලයින් ඒ දේ කරා නම් කිරුළ තවමත් ලංකාවේ” - රටට අහිමි වූ කිරුළ ගැන පුෂ්පිකා කතා කරයි

කැරොලයින් ජූරි විසින් සිදු වූ දෙයට සමාව ඉල්ලා සිටියා නම් ශ්‍රී ලංකාවට ලෝක රූ රැජින කිරුළ අහිමි නොවන්නට තිබුණු බව ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මිය පවසා සිටියා.

ඇය මේ බව කියා සිටියේ ලෝක විවාහක රූ රැජින කිරුළ අහිමි වීම පිළිබඳව කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

රටක් ලෙස මෙම කිරුළ අහිමි වීම ඉතාමත් කණගාටු දායක සිදුවීමක් බවද ඇය පවසා සිටියා.

“එයාලා දුර දිග බලන්නේ නැතුව වැඩ කරන්න ගිහිල්ලා, එයාලාගේ හැසිරීම නිසා අන්තිමට ලොකු කැළලක් වුණේ අපේ රටට… දුරදිග බලලා වැඩ කරා නම් මේ වගේ සිදුවීමක් වෙන්නත් නැහැ.. ඔය ප්‍රශ්න මම දුරදිග ගෙනියන්න කටයුතු කළේ නැහැ.. මට ඕන වුණේ මේ ප්‍රශ්නය හොඳින් කෙටියෙන් නිරාකරණය කරගන්න.. නමුත් එතනදී කැරොලයින් ජූරිට නම්‍යශීලි වෙන්න තිබුණා..” යැයිද ඇය අප වෙත සඳහන් කර සිටියා.

කැරොලයින් ජූරි සමාව ගත යුතුව තිබුණේ තමන්ගෙන් පමණක් නොවන බවත් පුෂ්පිකා ද සිල්වා මහත්මිය සඳහන් කළාය.

ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ විනිශ්ච මණ්ඩලය, ජාතික අධ්‍යක්ෂක, අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳගෙන්, විපක්ෂ නායකවරයාගේ බිරිඳගෙන්, රෝසි සේනානායක මහත්මිය සහ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගෙන් මේ සියලු දෙනාගෙන්ම සමාව ගත යුතු තරමේ වැරදක්, කැළලක් මෙරටට සිදු කළ බවද පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසින් පෙන්වා දෙයි.

කැරොලයින් ජූරි විසින් සමාව ඉල්ලා සිටියේ නම් මෙම ප්‍රශ්නය ඉතාමත් සරළව විසඳා ගැනීමට තිබූ බවත්, සමාව නොගැනීම නිසා මෙය නීතිමය ප්‍රශ්න දක්වා ගෙන ගියේ එම පිරිස විසින්ම බවද පුෂ්පිකා ද සිල්වා මහත්මිය සඳහන් කළාය. 

කැරොලයින් ජූරි විසින් ලෝක විවාහක රූ රැජින කිරුළ අත්හැරීමත් සමඟ එය 2019 ලෝක රූ රැජින තරඟාවලියේ දෙවන ස්ථානයට පත් මිසස් අයර්ලන්ඩ් වෙත හිමිවිය.

රෝසි සේනානායක මහත්මිය විසින් 1985 දී ලෝක විවාහක රූ රැජින ලෙස පත් වීමෙන් වසර 34කට පසුව ශ්‍රී ලංකාව වෙත නැවත එම කිරුළ ලබාගැනීමට හැකි වන්නේ 2019 වසරේ දී කැරොලයින් ජූරි හටය.

ඒෂියන් මිරර් 

No comments:

Powered by Blogger.