Header Ads

Breaking News
recent

එදා ළඟ තිබුණු MCC පෙන්නලා මේ ආණ්ඩුව වැඩ කළේ දුර තිබුණු මේ චීන කොළනිය හදන්නයි - මැඩිල්ලේ හිමි

ආණ්ඩුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේම කොළඹ වරාය නගරයේ චීන කොළනිය පිහිටුවීමට අදාළ පනත කඩිනමින් සම්මත කරගැනීම සඳහා බවත් අධිකරණය හමුවට යෑමට ඇති කාලය දින 7කට සීමාකර එය තවත් ඇහිරෙන පරිද්දෙන් අවුරුදු කටේම මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ආණ්ඩුව කළ මගඩිය අනුවම මේ පනත පසුපස විශාල කුමන්ත්‍රණයක් ඇතැයි පැහැදිලි වන බවත් සිංහලේ ජාතික සංවිධානයේ මහලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසයි. 

"19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබිච්ච ඉතාමත් යහපත් සාධනීය කරුණු උල්ලංඝනය කරමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගේන වෙලාවෙදි ආණ්ඩුව විසින් ඊට කාරණාවක් ඇතුළත් කරලා තිබුණා හදිසි පනත් සම්මත කිරීම. ඒවගේම තමයි පනතක් ඉදිරිපත් කළාට පස්සෙ සම්මත කිරීම වෙනුවෙන්, ජනතාවට ඒකට එරෙහිව අධිකරණයට යාමට තිබෙන අයිතිය දින 14ක් දක්වා තිබුණා, ඒ දින 14 දින 7 දක්වා අඩු කළා. 

විශේෂයෙන්ම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව යමින් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගේන වෙලාවෙදි මේ රටේ සියලු ජාතික බලවේග, සියලු දෙනා අදහස් කළේ මේ ගේන 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය එම්.සී.සී. ගිවිසුම අපේ රටේ ස්ථාපනය කිරීමට රුකුල් දෙන සංශෝධනයක් හැටියට. හැබැයි අපට දැන් පේනවා මේ එම්.සී.සී. එක පෙන්නලා ආණ්ඩුවේ දිගුකාලීන ඉලක්කය වෙලා තියෙන්නෙ ඒ ළඟ තිබුණු එම්.සී.සී. එක පාදක කරගෙන, දුර තියෙන මේ චීන කොළනිය, නැත්නම් මේ කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගත්ත මේ ආර්ථික කොමිසම පිහිටුවීම වෙනුවෙන් තමයි මේ සංශෝධන ගෙනත් තියෙන්නෙ කියන එක ඉතාම පැහැදිලියි. 

මොකද දින 7ක් වැනි කෙටි කාලයක් මේකට විරුද්ධ වෙන්න අවස්ථාව දීලා අවසානයේදී ඒ කාලයත් මේ අවුරුදු කටේ පාර්ලිමේන්තුවට දාලා ඒ කරපු මගඩියත් එක්ක ඉතාම පැහැදිලියි මේක ඇතුළෙ අපට පෙනෙන නොපෙනෙන දැවැන්ත කුමන්ත්‍රණයක් මේ කියන ආර්ථික කොමිසම පිහිටුවීම හරහා තියෙනවායි කියන කාරණාව" යනුවෙනුයි එහිමි සඳහන් කළේ. 


 
මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් මේ බව පැවසුවේ පෙරේදා (16) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි. 

No comments:

Powered by Blogger.