රට පාවාදීල චීන කොලනියක් හදන්නට ඉඩ දෙන්න බෑ -- මැරුවත් කට වහන්නෙ නෑ... මට බනින්න ජනාධිපතිට බෑ…- මුරුත්තෙට්ටු හිමි | Port City Colombo
තමනට බැන වැදීමට ජනාධිපතිවරයාට නොහැකි බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.
කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය හරහා හැදෙන්නේ වෙනම රටක් බව පවසන උන්වහන්සේ තමන් කරන්නේ කොන්ත්‍රාත්තුවක් නොවන බවත් සල්ලි වලට, වාහන වලට, ගොඩනැගිලිවලට තමන් මිලට ගත නොහැකි බවද කියා සිටිති.
තමන් සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙහෙයවනවා යැයි කල ප්‍රකාශය අමාත්‍ය මහින්දානන්දගේ වාචාල කතාවක් යයිද හිමියෝ පවසති.
අනෙක් භික්ෂූන් වහන්සේලා අද වන විට මුදල් වාහන දී කටවල් වසා දමා ඇතැයි ආනන්ද හිමියෝ තව දුරටත් කියා සිටිති.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් එහිමියෝ මෙම අදහස් පල කලහ.
GOSSIP GOSSIP LANKA
No comments: