Header Ads

Breaking News
recent

ලංකාවේ ආසාදිතයන් ලක්‍ෂ 30 පැනලා.. ඉන්දියාවට වඩා දරුණුයි..- ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයෙක් කියයි…

අද වන විට කොරෝනා ව්‍යාප්තිය අතින් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉන්දියාවටත් වඩා දරුණු බව සෞඛ්‍යය පිළිබඳ ජාත්‍යන්තර උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා සඳහන් කරයි.

ලංකාවේ දැනට ආසාදිතයන් ලක්ෂ තිහක් සිටින බව ද ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව තුල පැතිරීමේ වේගය ඉන්දියාවට වඩා ඉහළ බවත් මේ සම්බන්ධයෙන් වගකිව යුත්තේ වසංගත රෝග විද්‍යා අංශය බවත් ඔහු කියා සිටී.

ඔවුන් විසින් අසත්‍ය පවසමින් ද බලධාරීන් සහ රට නොමග යවා ජනාධිපතිවත් හමුදාපතිවත් මුළා කර ඇතැයිද ඒ මහතා චෝදනා කරයි.

අන්තර්ජාල නාලිකාවක් සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

No comments:

Powered by Blogger.