Header Ads

Breaking News
recent

අන්තිම මෝඩ වැඩක් කරන්නේ අපි හරි කුහකයෝ… ආණ්ඩුවේ අවුල ගීතාගෙන් එළියට – හඬ පට සහිතයි

රටේ මිනිස්සු ලොකු විපතකට පත්වෙලා ඉන්නකොට ඒ මිනිස්සු වෙනුවෙන් කථානොකර ආණ්ඩුවේ ඉන්න සමහරක් සෙරෙප්පු සුපාලා වගේ නිහඬව ඉන්න මට නම් බෑ යනුවෙන් පොහොට්ටු පක්ෂයේ ගාල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කර තිබේ.

කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීම හමුවේ ආණ්ඩුවේ නොහැකියාව පිළිබඳව ගීතා කුමාරසිංහ මහත්මිය දැඩි විවේචනයක් එල්ල කරනු ලබමින් ” මාව පත්කරලා එව්වේ ජනතාව. යම් කිසි වැරැද්දක් දැක්කම දීපු දෙයක් කාල ඉන්න කෙනෙක් නෙවෙයි මම ඇවිල්ල තියෙන්නේ. හිතට එකඟව දැනෙන දේ කියන්න ඕන. එහෙම නොකියනවා නම් අපි හරි කුහකයෝ. එන්න එන්නම වැඩි වෙනවා. අන්තිම මෝඩ වැඩක් ඔය කරන්නේ. අපිට ඡන්දේ දීපු මිනිස්සු දුකේ ඉන්නේ ඒ මිනිස්සු බලා ගන්න ඕන. මම ජනාධිපතිතුමාටවත් වැද වැද අනේ මෙහෙමයි කියලා කන්කෙදිරි ගාන්න ගියේ නෑ. එහෙම අවශ්‍යයත් නෑ. එහෙම කරන්න බෑ නේ. අපේ ආත්ම ගෞරවය කෝ. දේශපාලඥයෝ ගාව සෙරෙප්පු සුපාල ඉන්නවා. එහෙම එක්කෙනෙක් නෙවෙයි මම. ” යනුවෙන් පවසා තිබේ.

වැඩි විස්තර සඳහා හඬ පටය පහතින්…

No comments:

Powered by Blogger.