Header Ads

Breaking News
recent

බැසිල් පාන්දරම ඇමරිකාවට යයි..

ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වූ ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකායේ සභාපති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදේශ ගත වී තිබේ.
අද උදැසන ඒ මහතා ඇමරිකාව බලා පිටව ගොස් ඇත්තේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට පෙනී සිටීමට හා ප්‍රතිකාර ලබාගැනීම සඳහා බව ඔහුගේ සමීපතමයෙකු සඳහන් කළේය.

පසුගිය දෙසැම්බර් මාසයේ දීත් පසුගිය අප්‍රේල් මාසයේදීත් බැසිල් රාජපක්‍ෂ මහතා මෙම ගමන සැලසුම් කර තිබුණද රට තුල ඇතිවූ තත්ත්වයන් මත එම ගමන මෙතෙක් ප්‍රමාද වූ බවද ඔහු පැවසීය.

අද දිනයේ විදේශගත වූ බැසිල් රාජපක්‍ෂ මහතා මසකට ආසන්න කාලයක් ඇමරිකාවේ රැඳී සිට අදාළ පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු නැවත ශ්‍රී ලංකාව බලා පිටත් ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

No comments:

Powered by Blogger.