Header Ads

Breaking News
recent

"තොරණ, දන්සලට අවසර නෑ; වෙසක් ගෙදර ඉඳන් සමරන්න"

එළඹෙන රාමසාන් සහ වෙසක් උත්සවයන් ද නිවෙස්වලටම වී සමරන්නැයි ඉතාම කාරුණිකව ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. 

"පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන, රජයේ පාසල් සහ පුද්ගලික පාසල්, සියලුම උසස් අධ්‍යාපන ආයතන සහ උපකාරක පන්ති නැවත දැනුම්දෙන තුරු වසන්න කියලා අපි නිර්දේශ කරලා තියෙනවා. රැස්වීම් කිසිමදෙයක් පැවැත්වීම සඳහා අපි අවසර ලබාදෙන්නෑ. පන්සල්, පල්ලි, කෝවිල් සියලුම සිද්ධස්ථානවලත් රැස්වෙලා ආගමික කටයුතු කරන්න අපට අවස්ථාව ලබාදෙන්න බෑ, තනියෙන් ගිහිලා වැඳලා කරලා ආවාට අපි තහංචි දාලා නෑ, හැබැයි විවිධ වූ ක්‍රියාකාරකම් කරන්න අපට අවස්ථාව ලබාදෙන්න හැකියාවක් නෑ. එනිසා මා ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා රාමසාන් උත්සවය සහ වෙසක් උත්සවයත් මේ ආකරයෙන්ම ඉතාමත්ම සාමකාමී ලෙස තම තමන්ගේ නිවෙස්වල සිට සමරන්න කියලා. අපට විශාල උත්සව හෝ තොරණ්, වෙසක් කූඩු තරග වැනි ඒවා පැවැත්වීමට මේ අවස්ථාවේදී අවසර ලබාදිය නොහැකියි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (01) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි. 



No comments:

Powered by Blogger.