Header Ads

Breaking News
recent

කොරෝනා රෝගීන් නිවසේදීම මිය යනවා.. රෝහල්ගත කරන්න පහසුකම් නෑ..

අද වන විට අහඹු PCR පරීක්ෂණ නවත්වන්නැයි උපදෙස් ලැබී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. රසායනාගාර ධාරිතාව ඉක්මවා යමින් ඇති බවත් මෙය ඉතා බරපතල අනතුරක් බවත් සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියි.

දැනට සිදුකරන අහඹු PCR පරීක්ෂණ වලින් 15%ක් ආසාදිතයන් ලෙස හදුනාගන්නා බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මේ වන විට ආසාදිතයන් සඳහා රෝහල් වල ඉඩකඩ නොමැති බවත් දින පහක් හයක් රෝගීන් නිවෙස් වල සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.

ඇතැම් රෝගීන් රෝහල් ගත කිරීමට ගිලන් රථ නොමැතිකමින් නිවසේදීම මියයන බවත් තත්ත්වය යම් තරමකට හෝ පාලනය කිරීමට වහාම රට ලොක්ඩවුන් කල යුතු බවද ඔහු කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදීය.

No comments:

Powered by Blogger.