Header Ads

Breaking News
recent

ජානක පෙරේරා ඝාතන නඩුවේ විත්තිකරුගේ ජීවිතාන්ත සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

2008 වසරේ අනුරාධපුරයේදී විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් ජානක පෙරේරා, ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවෙන් වරදකරු වූ විත්තිකරුවකුට අනුරාධපුර මහාධිකරණය විසින් පනවා තිබූ ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ථිර කර තිබේ.

ඒ අනුව, තමන්ට පැනවූ ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමට එරෙහිව අදාළ විත්තිකරු විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
මේ පුවත තව අයට බලන්න

No comments:

Powered by Blogger.