ප‍්‍රභූ ලයිස්තුවකට හොර රහසේ කොරෝනා එන්නතේ දෙවන මාත‍්‍රාව වැලිකඩ බන්ධනාගාර රෝහලේ දීලා - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය චෝදනා කරයි | COVID-19 Vaccination
කොරෝනා එන්නත් ලබා ගැනීම සඳහා කලින් ලියාපදිංචි වී නොසිටි ප්‍රභූ කණ්ඩායමක සියයක් පමණ වූ පිරිසක් වැලිකඩ බන්ධනාගාර රෝහලේ දී ඊයේ සහ පෙරේදා දින දෙක තුළ හොර රහසේ කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගෙන ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය චෝදනා කරයි.
මේ වන විට රට පුරා එන්නත් හිගයක් මතුව ඇති මොහොතක මෙවන් පිටස්තර පුද්ගලයන්ට එන්නත් ලබාදීම ගැන වෙනම විමර්ශනයක් ආරම්භ කළ යුතු බවත් සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.
තෝරාගත් පිටස්තර ප්‍රභූ පිරිසකට මෙලෙස එන්නත ලබා දුන්නේ කුමන පදනමකින් දැයි තමන් ප්‍රශ්න කරන බව ද ඔහු කියා සිටී.
එම බන්ධනාගාර රෝහලේ දී එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගත් පිරිසගේ නම් හෙළිකරගෙන නැතත් පරීක්ෂණයක් වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කිරීමට තමන්ට හැකියාවක් ඇතැයිද ඔහු කියා සිටියේය.
GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot

No comments: