Header Ads

Breaking News
recent

රට වසා දැමීමේ තීරණයකට වුවද යා හැකියි..- සුදර්ශනී

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රදේශ හුදෙකලා කිරීම පිලිබඳව ගනු ලබන්නේ දේශපාලන තීරණ නොවන බව කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

වසංගත විද්‍යාත්මකව එම තීන්දු ගනු ලබන්නේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම අනුව වුවද විශේෂඥ අවශ්‍යතාවයක් නැතිව ඇතැම් ප්‍රදේශ වසා දමන්නේ නම් ඊට එකඟ විය නොහැකි බවද ඇය සඳහන් කළාය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ දැනුවත්භාවය මත වසම් මට්ටමෙන් වසා දැමීමේ බලය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරුන්ට හිමි බවද කී ඇය අවශ්‍ය වුවහොත් ඇතැම් විට රට වසා දැමීමේ තීරණයකට වුවද යා හැකි බවද කියා සිටියාය.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කලාය.

No comments:

Powered by Blogger.