පිලියන්දල ලොක්ඩවුන් ඉවත් කිරීම නිවැරදියි - ඇමතිගේ සම්බන්ධයක් නෑ - හමුදාපති කියූ බව ARUNA පුවත්පත කියයි | Shavendra Silva
පිළියන්දල නගරය හුදෙකලා බවින් නිදහස් කිරීමට කොවිඩ් කමිටුව පසුගියදා ගත් තීරණය වෙනස් කළ යුතු නැතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කළ පරීක්ෂණ කණ්ඩායමද තහවුරු කර ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවැසුවේය.
ඉරිදා දිනයේ පිළියන්දල පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 52කම වසා දැමුවේ ඉරිදා සති පොළවල් වෙත විශාල ජනතාවක් එන බවට ලද තොරතුරු මත බවත්, පසුදින එම හුදෙකලා කිරීම ඉවත් කළේ කිසිදු ඇමැතිවරයකුගේ මැදිහත්වීමකින් නොවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
පිළියන්දල පොලිස් වසමේ හුදෙකලා කිරීමට තෝරාගෙන තිබුණේ රෝගය පැතිර ගිය වසම් හතරක් පමණි. තවත් වසම් හතරක් හුදෙකලා කිරීමට බුද්ධි සේවාව, කොවිඩ් මධ්‍යස්ථානය, පොලිසිය හා සෞඛ්‍ය අංශ ලබාදුන් තොරතුරු මත තාක්ෂණික කමිටුව සැලසුම් කර තිබිණි.
මේ වනවිට අවශ්‍යතාව අනුව පිළියන්දල පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් දහයක් පමණක් හුදෙකලා කර ඇති බවත්, මුළු බල ප්‍රදේශයම වැසීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටී.
– ARUNA
GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot

No comments: