ප්‍රාඩෝ 227 ඇතුළු වාහන ඇනවුම සම්පූර්ණයෙන්ම අවලංගු කළා. නොදන්න අයයි කෑගහන්නේ - කෙහෙළිය
අධි සුඛෝපභෝගී ප්‍රාඩෝ ජීප් රථ 227ක් ඇතුළුව වාහන 399ක් ගෙන්වීම සඳහා සිදුකළ ඇනවුම මේ වනවිට සම්පූර්ණයෙන්ම අවලංගු කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
"විශේෂයෙන්ම අගමැතිතුමා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා මේක නෙවෙයි අවස්ථාව, මේ අපි ඉස්සෙල්ලා කල්පනා කලේ කියලා. දැන් සඳුදා ඔය කතාව කතා කළේ, අඟහරුවාදා, බදාදා වෙනකොට ඒ අදාළ බැංකු සහ ආයතනත් එක්ක සාකච්ඡා කරලා අනිත් පැත්තෙ ඉන්න අයත් එක්ක සාකච්ඡා කරලා ඉතා පැහැදිලි එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා ඒක කැන්සල් කරන්න.
ඒ තීන්දුව ගත්තා හා සමානවම දවස් එකහමාරක් ගියා ඒ සම්බන්ධව තියෙන ප්‍රොසිඩියර් එකට ගිහිල්ලා ඒ අයත් එක්ක කතා කරලා - මොකද ඒක පාර්ශ්ව තුනක ගිවිසුමක් - ඒ අයත් එක්ක සාකච්ඡා කරලා ඒක මේ වෙනකොට කැන්සල් කරලා අවසානයි. ඉතිං නොදැනුවත්කමට කෑගැහුවාට වැඩක් නෑ. කතා කරලා තේරුමක් නෑ. සරලව කියනවා නම් ඒ ඇනවුම සම්පූර්ණයෙන්ම අවලංගු කළා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ ඊයේ (12) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

No comments: