Header Ads

Breaking News
recent

මෙල්බර්න් සති 2කට වසා දැමුවේ කොරෝනා අරන් ගිය ශ්‍රී ලාංකිකයෙක් !

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සති 2කට වසා දැමීම සදහා හේතු වූ කොරෝනා පොකුර බිහිකිරීමට දායක වී ඇත්තේ ලංකාවෙන් මෙල්බර්න් බලා ගිය ශ්‍රී ලාංකිකයකු බව මේ වනවිට අනාවරණය කරගෙන ඇත.

මේ සම්බන්ධයෙන් සිදු කර ඇති පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම ලාංකිකයා මීට මාසයකට පෙර මෙල්බර්න් නුවරට පැමිණි 40 හැවිරිදි අයකු බවය.

ග්ලෙන් ඊරා ප්‍රදේශයෙන් පැමිණි මෙම පුද්ගලයා මැයි 14 වන දින නොවොටෙල් අයිබිස් සිට හොලිඩේ ඉන් හෝල් හෝටලයට ගෙන ගොස් ඇති අතර නිරෝධායනයෙන් පසු මැයි 23 වන දින මුදා හැරීමට පියවර ගෙන ඇත.

සිදු කරන ලද පරීක්ෂණවලදී ඔහුගේ ජානමය අනුක්‍රමය උතුරු මෙල්බර්න් ප්‍රාථමික පාසලේදී හඳුනාගත් පවුල් දෙකෙන් දෙවැන්නාට ගැලපෙන බව ඩේලිමිරර් වෙබ් අඩවිය අනාවරණය කොට ඇත.


No comments:

Powered by Blogger.