Header Ads

Breaking News
recent

ආණ්ඩුව හිතා මතා කොරෝනා ගෙනැත් ජනතාව මරණ මංචකයට දැම්මා - සමන් රත්නප්‍රිය

වත්මන් ආණ්ඩුව දැන දැනම රට තුළට කොරෝනා වෛරසය ගෙනැවිත් ජනතාව මරණ මංචකයට ඇද දමා ඇතැයි ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

වසංගතය මර්ධනයට ලෝක සෞඛ්‍ය සංවිධානය දුන් නිර්දේශ මායිම් නොකරමින් ආණ්ඩුව අද වන විට දිනකට මරණ හතළිස් අටක් වන තැනකට රට ඇද දමා අපරාධ වරදක් කර ඇතැයි ද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ බොරැල්ලේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

අද වන විට මෙරට වසංගත ව්‍යාප්තිය බරපතළ වෙමින් ඇති බවත් නිවෙස් තුළ ද මරණ වාර්තා වෙමින් ඇති බවද කී ඔහු මෙම තත්ත්වය කළමනාකරණයට ආණ්ඩුව ගන්නා උත්සාහය අසාර්ථක බව දිගින් දිගටම පෙනී යන බවද පැවසීය.

රට ඇතුළට කොරෝනා පැමිණීම සියට සීයක්ම පාලනය කළ නොහැකි වුවත් ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක් නිසා මෙම තත්ත්වය හොඳින් පාලනය කළ හැකිව තිබූ බවත් ඔහු පෙන්වා දෙයි.

වසංගතය මෙම තත්වයට පත් වූයේ ආණ්ඩුවේ වැරදි දේශපාලන තීන්දු නිසා බවද ඔහු එහිදී තවදුරටත් චෝදනා කළේය.


No comments:

Powered by Blogger.