Header Ads

Breaking News
recent

‘මන්ත්‍රී හිමි’ යුද්ධය යළි ඇරඹේ... රතන හිමිගෙ ‌කාලෙ 5න් ඉවරයි... අයින් නොවුණොත් ඥානසාර හිමි ඇතුළට

අපේ ජන බල පක්ෂයෙන් පාර්ලිමේන්තුවට නම් කරනු ලැබූ අතුරලියේ රතන හිමියන්ගේ ධූර කාලය ලබන ජුලි මස 5 වැනි දින අවසන් වීමට නියමිත බවත්, අනතුරුව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පාර්ලිමේන්තුවට පත් කිරීමට සැලසුම් කර ඇති බවත් අපේ ජනබල පක්ෂය පවසයි.

අපේ ජන බල පක්ෂයට හිමි ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සදහා විශාල කලබගෑනියක් මුල් කාලයේදී මතුව තිබුණු අතර පළමු වටයේදී ‌පක්ෂ මහලේකම් වූ වේදිනිගම විමලතිස්ස හිමියන් සිය නමම එම මන්ත්‍රී ධුරය සදහා මැතිවරණ කොමිසම වෙත යවා තිබිණ.

නමුත් පසුව එම නම ඉවත් කොට මන්ත්‍රී ධූරය සදහා රතන හිමියන් හා ඥානසාර හිමියන් අතර තරගයක් මතු වුවද මාස 3කට තමන්ට මන්ත්‍රී ධූරය ලබා දෙන ලෙසට රතන හිමියන් කළ ඉල්ලීමට අනුව උන්වහන්සේට මන්ත්‍රී ධූරය ලබා දීමට පියවර ගැණින.

ඒ අවස්ථාවේදී ඥානසාර හිමියන් කියා සිටියේ මාස 3ක් නොව මාස 6ක් වුවත් රතන හිමියන්ට ලබා දිය හැකි බවකි.

ඒ අනුව මාස 6 ඉකුත් වීමට නියමිතව ඇත්තේ ලබන ජුලි මස 5 වැනි දිනටය.

කෙසේවෙතත් රතන හිමියන් එම දිනට ප්‍රථම ඉවත් වීමට පියවර නොගතහොත් ඥානසාර හිමියන්ගේ නම මැතිවරණ කොමිසම වෙත යැවීමට එම පක්ෂය තීරණය කොට ඇති බවද දැනගන්නට ඇත.


No comments:

Powered by Blogger.