Header Ads

Breaking News
recent

නිදහස් පක්ෂයේ මීළඟ නායකයා ගැන අනාවැකියක් !

පවතින පොහොර ගැටළුව සම්බන්ධයෙන් ඊයේ (08) පාර්ලිමේන්තුව තුළ උණුසුම් වාද විවාද හටගත්තා.

මෙම අවස්ථාවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ද නැගී සිටිමින් අදහස් ප්‍රකාශ කළා.

ඔහු ප්‍රකාශ කළේ රසායනික පොහොර භාවිතය අත්හිටුවීමට රජය ගත් තීරණය යහපත් එකක් බවයි.

එහෙත් එය ක්‍රියාත්මක කරන ආකාරයේ වැරදි පවතින බව ඔහු පෙන්වා දුන්නා.

රසායනික පොහොර අත්හිටුවීම එකවරම සිදුකිරීම ගොවි ජනතාවට ඔරොත්තු නොදෙන්නක් බවත් මේවන විට ගොවීන් මේ පිළිබඳව හඬ නගමින් සිටින බවත් වෙල්ගම මහතා සඳහන් කළා.

ඔහුගේ මෙම ප්‍රකාශයට කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පිළිතුරු ලබා දුන්නා.

කෙසේ වෙතත් අමාත්‍යවරයා විසින් සිය පිළිතුර ආරම්භ කළ ආකාරය පිළිබඳ සියල්ලන්ගේම අවධානය යොමු වුණා.

“අනාගත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා, කුමාර වෙල්ගම මගේ මිත්‍රයා” යනුවෙනුයි ඔහු වෙල්ගම මන්ත්‍රීවරයාට ආමන්ත්‍රණය කළේ.

මෙය හදිසියේ ගත් තීරණයක් නොවන බවත් මෙම තීරණය ගැනීමට පෙර සමස්ත ලංකා ගොවි සම්මේලනයෙන් අදහස් විමසා සිටි බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

එම සම්මේලනය මෙම තීරණයට 100%ක් එකඟ බවයි ඔහු අනාවරණය කළේ.

ඇතැම් ව්‍යාපාරිකයින් විසින් පොහොර සඟවා ඇති බවත් ගොවීන් හඬ නගන්නේ එම තත්ත්වය මත බවත් මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ප්‍රකාශ කොට සිටියා.


No comments:

Powered by Blogger.