Header Ads

Breaking News
recent

ගුවන් අනතුරක් 99න් වැළකෙයි! යානයක් හදිසි ගොඩබෑමක !

ගුවන් නියමුවන්ගේ මූලික පුහුණුව සඳහා යොදාගනු ලබන සෙස්නා 150 ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් ත්‍රිකුණාමලයේ නිලවේලි වෙරළ ආසන්නයේ පිහිටි ඉරාක්කන්ඩි ප්‍රදේශයට හදිසියේ ගොඩබා තිබෙන බව වාර්තා වෙනවා. මෙ සම්බන්දයෙන්  අදහස් දක්වමින් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෘෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ එම යානය කාර්මික දෝෂයක් හේතුවෙන් ඉරක්කණ්ඩි ප්‍රදේශයේ ගොඩබෑ බවයි.

ගුවන් හමුදා ත්‍රිකුණාමලය පුහුණු කඳවුරෙන් පෙරවරු 10.22ට පමණ ගුවන්ගත වූ එම යානය පෙරවරු 10.48ට පමණ එසේ හදිසියේ ගොඩබස්සවා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම හදිසි ගොඩ බෑම හේතුවෙන් ගුවන් නියමුවන් දෙදෙනාට අනතුරක් සිදු වී නොමැති අතර ඔවුන්ගේ දක්ෂතාව හේතුවෙන් සිදු වීමට අනතුරක් වලක්වා ගැනීමට හැකි වූ බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

නියමුවන්ගේ මූලික පුහුණුව සඳහා භාවිතා කරන සෙස්නා 150 වර්ගයේ මෙම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ චීන වරයා කදවුරෙන් ගුවන් ගත කර තිබෙනවා.

-ඒෂියන් මිරර්


No comments:

Powered by Blogger.