Monday, November 10 2025

Header Ads

ජූනි 8 වනදා එංගලන්ත වේලාවෙන් පෙව 0400 සිට එක්සත් රාජධානියේ කොවිඩ් රතු දත්ත ලැයිස්තුවට ශ්‍රී ලංකාවද ඇතුලත් කරයි

2021 ජුනි මස 8 වන අඟහරුවාදා එක්සත් රාජධානියේ වේලාවෙන් පැය 0400 සිට බලපැවැත්වෙන පරිදි එක්සත් රාජධානියට ඇතුළු වන රටවලට අදාළ “රතු ලැයිස්තුවට” ශ්‍රී ලංකාව ඇතුලත් කර ඇති බව එක්සත් රාජධනි රජය පවසා සිටී. ඒ් අනුව ජුනි මස 08 වනදා සිට ශ්‍රී ලාංකිකයින්ට එක්සත් රාජධානියට යාමට අවසර නොලැබෙන අතර බ්‍රිතාන්‍ය පුරවැසියන් , අයර්ලන්ත පුරවැසියන් හෝ එක්සත් රාජධානියේ පදිංචිය සඳහා පුරවැසි හිමිකම් ඇති අයට පමණක් අවසර හිමිවේ.

කෙසේ වුවද ශ්‍රි ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කරන්නේ ජුනි 05, 06, 07 යන දිනවල ලන්ඩන් සිට ක්‍රියාත්මක වන ගුවන් ගමන් වාර තුන සඳහා දැනටමත් ගුවන් ගමන් වෙන්කරවා ඇති මගීන්ට එක්සත් රාජධානිය පනවා ඇති තහනම බලනොපානු ඇති බවයි..

තවද ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසා සිටින්නේ ගමන් කිරීමට අවසර හිමි වන මගීන් අනිවාර්යයෙන්ම; ඔවුන්ගේ ගමනට දින තුනකට පෙර හෙවත් පැය 72 කට පෙර කොවිඩ්-19 වෛරසය වැළඳි ඇති දැයි බැලීමට පීසීආර් පරීක්‍ෂණයක් කර වෛරසය වැළඳී නැති බවට තහවුරු කර ගත යුතුය.

එසේම ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර දින 14 ක කාලයක නිරෝධායන සඳහා හෝටලයක් වෙන්කරවා ගත යුතුය.

-lankaleadnews


Leave a Comment

Powered by Blogger.