Header Ads

Breaking News
recent

ගම්මන්පිලගේ මාධ්‍ය හමුව රූපවාහිනි නාලිකාවල සජීවිව.. ගම්මන්පිල පන්නන්න පොහොට්ටු පසුපෙල රැස්වේ..

ඇමති උදය ගම්මන්පිල මහතාට ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සූදානම් වෙයි. අද පස්වරුවේ ගම්මන්පිල මහතා විසින් මාධ්‍ය හමුවක් කැඳවා ඇත්තේ ඉන්ධන මිල වැඩි කිරීමේ වගකීම භාරගෙන ඒ මහතා ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා නිවේදනය කිරීමෙන් පසුවය.

ගම්මන්පිල මහතා අද මාධ්‍ය හමුවේ ඉදිරිපත් කරන කරුණු ගැන ප්‍රතිචාර දැක්වීමට ඒ අනුව පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

ඉදිරියේ දී මාධ්‍ය හමු කැදවමින් සහ මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් ඔහුට ප‍්‍රතිචාර දැක්වීමට නියමිතව තිබේ.

මේ අතර අද පස්වරු 02.00ට ගම්මන්පිල ඇමතිවරයා විසින් බලශක්ති අමාත්‍යංශයේ කැදවා ඇති මාධ්‍ය හමුව රූපවාහිනි නාලිකාවල සජීව විකාශයක්ද සිදු කිරීමට සූදනම් කරමින් ඇතැයි වාර්තා වෙයි.

No comments:

Powered by Blogger.