Header Ads

Breaking News
recent

අනුරාධපුර සතොස බාර් එකේ සීල් කඩා අරක්කු උස්සද්දී සී.සී.ටී.වී.ත් වෙරි වෙලා !

අනුරාධපුර සතොස අලෙවි මධ්‍යස්ථානයේ මත්පැන් අලෙවි හලෙහි මුද්‍රා කඩා නීති විරෝධී ලෙස විවෘතකර මත්පැන් අලෙවි කළ අවස්ථාවේ දී එහි සී.සී.ටී.වී. කැමරා පද්ධතිය අක්‍රීය වී ඇතැයි සතොස ආරංචි මාර්ග පවසයි. සතොස විමර්ශන ඒකකය මෙම සිද්ධිය සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් පවත්වා එහි අතුරු වාර්තාවක් හෙට ලබා ගන්නා බව මේ පිළිබඳව කළ විමසීමක දී සතොස නිලධාරීන් මාධ්‍යයට පවසා තිබිණි.

ඉන් අනතුරුව සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ට කඩිනම් විනය පියවරක් ගෙන පරීක්ෂණ පවත්වාගෙන යන බවත් එම ආරංචි මාර්ග තහවුරු කර ඇත.

ඒ අතර අනුරාධපුර පොලිසිය හා සුරාබදු දෙපාර්තමේන්තුව මේ පිළිබඳව වෙන වෙනම පරීක්ෂණ පවත්වමින් ඇත.

-lankasara


No comments:

Powered by Blogger.