Header Ads

Breaking News
recent

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් එවූ ඊමේල් දේශීය සමාඟම මකා දමලා !

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රසායනික ද්‍රව්‍ය කාන්දු වන බව දන්වා කපිතාන්වරයා එවූ ඊමේල් පණිවුඩ දේශීය සමාගම විසින් මකා දමා ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේදී ප්‍රකාශ කළේ , නෞකාවේ කපිතාන්වරයා විසින් මෙම කාන්දුව පිළිබඳව නැව අයිති විදේශිය සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතවරයා ලෙස කටයුතු කළ ආයතනයට දැනුම් දී ඇති බවයි.

එහෙත් එම ඊමේල් පණිවුඩය දේශීය නියෝජිත ආයතනය විසින් මකා දමා ඇති බව මේ දක්වා ලබාගත් ප්‍රකාශවලින් සනාථ වී ඇතැයි, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඔහු පැවසුවේ, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සුරක්ෂිතව සහ අනතුරුදායක තත්ත්වයෙන් තොරව ඇති බැවින් කොළඔ වරායට ඇතුළු වීමට අවසර ලබාදෙන ලෙස පසුගිය 19 වැනිදා පස්වරුවේ දේශීය නියෝජිතායතනය කොළඔ වරායට දැනුම් දී ඇති බවයි.

නැවේ ර සා යනික ද්‍රව්‍ය කාන්දුවක් සිදුවන බව මුල්වරට දැනුම් දී ඇත්තේ පසුගිය 20 වැනිදා පෙරවරු 10 පමණ බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

මෙහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චලනි පෙරේරා මහත්මිය නාවික හමුදාපතිවරයාට නියෝග කළේ, නෞකාවට ආරක්ෂාව සපයන ලෙසයි.

එමෙන්ම නෞකාවේ දේශීය නියෝජිත ආයතනය හා නෞකාව අතර හුවමාරු වී ඇති ඊමේල් පණිවුඩ අනාවරණ කර ගැනීම සඳහා දත්ත පටිගත කිරිමේ යන්ත්‍ර පිටපතක් අධිකරණයට ලබාදෙන ලෙසද නියෝග කෙරිණ.

නෞකාවේ සවිකර තිබු දත්ත පටිගත කිරීමේ යන්ත්‍රය අධිකරණයට අද ඉදිරිපත් කළ අතර එහි පටිගතව ඇති හඬපට හා තොරතුරු වාර්තාවක් ලබාදෙන ලෙසට රජයේ රස පරීක්ෂකවරයාට නියෝගයක් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටි අතර අතිරේක මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළේ ය.

නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු 7 දෙනෙකු නඩුවේ සැකකරුවන් ලෙස නම්කර අධිකරණයට කැඳවීමට නියෝගයක් කරන ලෙස අ ප රාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අතිරේක මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළා ය.

රෝහල්ගතව සිටින බැවින් සිතාසි නියෝගය අනුව නැවේ කපිතාන්වරයා හා ප්‍රධාන ඉංජිනේරුවරයා අද අධිකරණය හමුවේ පෙනි නොසිටින බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ ය.

නඩුව ලබන 15 යළී කැඳවීමට නියමිතයි.


No comments:

Powered by Blogger.