Header Ads

Breaking News
recent

ගම්පහ ගංවතුරට වගකියන්න ඕන ගහක් අල්ලගෙන අධිවේගී මාර්ගය හදන්න දුන්නේ නැති නෝනා - නිමල් ලංසා

ගම්පහ දිස්ත්‍රික්කයට බලපෑ ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා අද අදහස් පළකර සිටියා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද පැවති කුළුණු මතින් දිවෙන අධිවේගී මාර්ගය සහ ගුවන් පාලම් 05ක් ඉදිකිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ එක්තරා කාන්තාවක්, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වලට බාධා සිදුනොකලා නම් එවැනි ගංවතුර තත්ත්වයක් ඇති වීමට ඉඩක් නොමැති වූ බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළකර සිටි රාජ්‍ය අමාත්‍යවරයා,

" මධ්‍යම අධිවේගී මාර්ගය නිසා සමහර ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇතිවීම ගැන මාධ්‍ය මගින් වාර්තා කර තිබුණා. නමුත් කියන්න ඕන මේ අධිවේගී මාර්ග සෑදු කිසිම ස්ථානයක ගංවතුර ගැටළු ඇතිවෙලා නැහැ.

නමුත් එක්තරා නෝනා කෙනෙක් ඇවිත් බාධා නොවන්න මේ වෙන කොට ඒ ප්‍රදේශයේ ඇල මාර්ග පිළිසකර කරලා, සංවර්ධනය කරලා මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතු සිදුකරන්න තිබ්බා. 

ගම්පහ දිස්ත්‍රික්කයේ මේ අධිවේගී මාර්ගය කුළුණු මතින් ගෙන යන වැඩපිළිවෙළක් තිබ්බේ. දැන් අපිට ඒ ගැටලුව ගැන බලන්න සිද්ධ වෙලා තියෙනවා" යැයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.


No comments:

Powered by Blogger.