Header Ads

Breaking News
recent

ආසාදිතයන්ගෙ අඩුවීමක් නෑ.. සංචරණ සීමා ඉවත් කරන්න පුලුවන්ද කියලා සැකයි - කොවිඩ ඇමති

සති කිහිපයක් තිස්සේ රටපුරා සංචරණ සීමා ක්‍රියාත්මක වුවද කොවිඩ් 19 ආසාදිතයන් වාර්තා වීම සහ මරණ ප්‍රමාණය අඩුවීමක් දක්නට නොලැබෙන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. පසුගිය සතිය සළකා බැලුවහොත් පෙර සතියට වඩා ආසාදිතයන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවයි ඇමතිවරිය පෙන්වා ‍දෙන්නේ.

මෙම තත්වය මත ජුනි 14 වැනිදායි පසුවත් ඇතැම්විට තවදුරටත් සංචරණ සීමා ක්‍රියාත්මක විය හැකිය.

පවත්නා තත්වය පිළිබඳව දත්ත මත පදනම්ව ඉදිරියේදී සාකච්ඡා කරන බවත් ඒ අනුව සංචරණ ඉවත් කරන්නේද, එසේ නැතහොත් දීර්ඝ කරන්නේද යන්න පිළිබඳව තීරණය කරනු ඇති බවත් ඇමතිවරිය පවසනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව කිහිපයක් මේ වනවිටත් පෙන්වා දී තිබෙන්නේ සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක වියයුතු බවයි. සංචරණ සීමා නමට පමණක් සීමා වී ඇති බවත් එනිසා ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොකර තත්වය පාලනය කළ නොහැකි බවත් ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙනවා.


No comments:

Powered by Blogger.