Header Ads

Breaking News
recent

අප්පල,පුතාලා කුරහන් සාටකය දාගත්තා කියල කෘෂිකර්මාන්තය දියුණු වෙන්නේ නැහැ - දැන් මේ රටේ සිද්ධ වෙන්නේ චීනට වුවමනා දේ විතරයි - උලපනේ සුමංගල හිමි - (video)

රසායනික පොහොර නැති තැනට ගොවි බිම් පත්කර අහසින් වැටුණු මිනිසුන් මෙන් එක රැයින් නින්දෙන් ඇහැරී තීන්දු ගන්නා සේ මෙට්‍රික් ටොන් 12ක් 13ක් පමණ වන පොහොර ටික විකල්පයක් නැතිව අත්හිටුවීම ගැන ගැටළුවක් පවතින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමි පැවසූහ.

රසායනික පොහොර සහිත ආහාර පරිභෝජනයට කොන්දේසි විරහිතව විරුද්ධ නමුත් පාරිභෝගිකයා අසරණ නොවන,ගොවියා අසරණ නොවන,වෙළෙඳපොළ ශක්තිමත් වන,ගොවියාගේ ආර්ථිකය බිඳ නොවැටෙන වැඩපිළිවෙලක් ආණ්ඩුව හඳුන්වා දිය යුතු බවයි උන්වහන්සේ පැවසුවේ. 

ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ එවැනි දෙයකට මිස කාබනික පොහොර මගිනුත් කොමිස් ගැසීමට නොවන බව උන්වහන්සේ අවධාරණය කළහ. 

එක රැයින් රසායනික පොහොර නතර කර චීනයෙන් කාබනික පොහොර ගෙන්වීම ජාතික ප්‍රතිපත්තිය නොවන බවද සුමංගල හිමියෝ කියාසිටියහ. 

''චීනයෙන් පොහොර ගෙන්වන්න ඇමතිවරු ඕන නැහැ,ලේකම් කාර්යාල ඕන නැහැ. පොහොර සමාගමකට දුන්නොත් කොන්ත්‍රාත්තුව පොහොර ටික ගෙනෙයි. ඇමතිවරුන්ට ඕන නම් සමාගම් වලින් කොමිස් එකක් ගන්න තියෙන්නේ. කණගාටුවට කාරණාව දක්ෂ මේ පිළිබඳ දැක්මක් තිබුණු ගොවිතැන පිළිබඳ අවබෝධයක් තිබුන කෙනෙකුට කෘෂිකර්ම අමාත්‍යංශයේ සිටියේ ලේකම්වරයා පමණක් වන අතර ඔහුත් ඉල්ලා අස්වුණා. ඔහුගේ ඉල්ලා අස්වීම තුළින්ම පේනවා ආණ්ඩුව කෘෂිකර්මාන්තය පිළිබඳ දක්වන ප්‍රතිපත්තිය මොකක්ද කියල. කුරහන් සාටකය කරේ දාගත්තා කියල අප්පල,පුතාලා සියලු දෙනාම මේ රටේ කෘෂිකර්මාන්තය දියුණු වෙනවා කියල හිතුවොත් ඒකතරම් මෝඩ කමක් නැහැ.''

කෙසේවෙතත් මේ රටේ දැන් ක්‍රියාත්මක වන සෑම ව්‍යාපෘතියක්ම ආණ්ඩුවේ වුවමනාවට හෝ රටේ ජනතාවගේ වුවමනාවට නොව චීනයේ වුවමනාවට පමණක් බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ මෙම අදහස් පළකළේ අද (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය. 


No comments:

Powered by Blogger.