Header Ads

Breaking News
recent

ජාතික ක්‍රිකට් පිලේත් චොකා මල්ලි කෙනෙක් - මිකී ආතර් හෙලිකරයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙත් "චොකා මල්ලි"කෙනෙක් සිටින බව පුහුණුකරු මිකී ආතර් හෙළිකරයි.

භානුක රාජපක්ෂ තමන්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කිරීමට කටයුතු කළේ තමා බවට කරන චෝදනාවට ප්‍රති පිළිතුරු දෙමින් මිකී ආතර් මෙම චොකලට් කතාව හෙළිදරව් කර තිබේ.

භානුක රාජපක්ෂ කණ්ඩායමෙන් ඉවත් කිරීමට ප්‍රධාන හේතු දෙකක් මිකී ආතර් දක්වා ඇති අතර ඉන් එකක් වන්නේ ඔහුගේ දුර්වල පන්දු රැකීමයි.දෙවෙනි හේතුව ඊටම සම්බන්ධ වන අතර දුර්වල පන්දු රැකීමට හේතුව භානුක රාජපක්ෂගේ ශාරීරික යෝග්‍යතා (FITNESS) වල ඇති දුර්වලතාවයයි.

ඊට හේතුව භානුක රාජපක්ෂගේ සිරුර ක්‍රීඩකයෙකුට නොගැලපෙන ආකාරයට විශාල වී ඇති බව පෙන්වා දෙන මිකී ආතර් ඒ සදහා ඔහුට ආහාර වට්ටෝරුවක් නියම කළ ද ඔහු ඒ පිළිබඳ සැලකිලිමත් නොවන බවට චෝදනා කරයි.

භානුක රාජපක්ෂගේ ඇති ප්‍රධානම දුර්වලතාවය ඔහු චොක්ලට් වලට අසීමිත කැමැත්තක් දැක්වීම බවත් එය නතර කළ දාට ඔහුට ඔහුගේ ශාරීරික යෝග්‍යතා නියම ආකාරයට පවත්වාගෙන යා හැකි බවද මිකී ආතර් පෙන්වා දෙයි.

මේ වන විට මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු සිර දඬුවම් විඳින රත්නපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරද චොක්ලට් කෑමට දක්වන අසීමිත කැමැත්ත මත කුඩා කාලයේ සිටම ඔහුට "චොකා මල්ලි" යන අන්වර්ථ නාමය පටබැඳ තිබේ.


No comments:

Powered by Blogger.