Header Ads

Breaking News
recent

නිරෝධායනයට පිරිස් ගෙන ගිය බසයක හැපී අයෙක් මිය යයි.. ප්‍රදේශවාසීන් බසයට පහර දෙයි.. උණුසුම් තත්වයක් !

යාපනය චාවකච්චේරි පොලිස් වසමේ මඩ්ඩුවිල් ප්‍රදේශයේදී නිරෝධායනය සඳහා විදේශිකයින් පිරිසක් රැගෙන ගිය බස් රථයක ගැටී පාපැදිකරුවෙකු ඊයේ (09) සවස මිය යාම හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් නොසන්සුන්කාරීව හැසිරෙමින් බස් රථයට හානි කොට ඇත.

මෙරට පැමිණි විදේශිකයින් පිරිසක් රැගත් සුඛෝපභෝගී බස් රථය ඒ-9 මාර්ගයේ ධාවනය වෙමින් තිබූ අවස්ථාවේදී මඩ්ඩුවිල් ප්‍රදේශයේදී මාර්ගය හරහා පාපැදියක් ගමන් කිරීමට ගත් උත්සහයකදී බස් රථයේ ගැටීමෙන් පාපැදිකරු මිය ගොස් ඇති බවට පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.

අනතුරුව ප්‍රදේශවාසීන් විසින් ප්‍රකෝපකාරීව නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් බස් රථයට හානි කොට ඇති අතර එහිදී චාවකච්චේරී පොලීසිය මැදිහත්වී තත්වය පාලනය කරනු ලැබීය.

එලෙස කලහකාරී ලෙසින් හැසිරී බස් රථයට හානිකල පුද්ගලයින් 05 දෙනෙකු සැකපිට පොලිස් භාරයට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් චාවකච්චේරි පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ


No comments:

Powered by Blogger.