Header Ads

Breaking News
recent

ශ‍්‍රී ලංකාවේ ආසාදිතයන් වාර්තාව ඉන්දියාවේ මෙන් එකහමාර ගුණයක්.. රට ඉතා භයානක තැනකට !

කොරෝනා ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවටත් වඩා ඉතා භයානක තැනකට ගමන් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ජනගහනයට සාපේක්ෂව වාර්තාවන ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව සලකා බැලීමේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටින්නේ යැයි සංගමයේ උප සභාපති නවීන් ද සොයිසා මහතා සඳහන් කළේය.

අද වන විට ඉන්දියාවේ රෝගීන් වාර්තා වීම මිලියනයකට 80ක් වනවිට ශ්‍රී ලංකාවේ මිලියනයකට 136ක් යයිද කී ඒ මහතා එය ඉන්දියාවේ මෙන් එකහමාර ගුණයක් බව ද පෙන්වා දුන්නේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Powered by Blogger.