UNP නායක රනිල් වික්‍රමසිංහ, JVP නායක අනුර කුමාර ළඟට දමයි !
ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවට ජාතික ලයිස්තුවෙන් පැමිණෙන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට යාබද අසුන ලබා දීමට පාර්ලිමේන්තු මහලේකම්වරයා පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව වික්‍රමසිංහ මහතාට හිමිවන්නේ විපක්ෂයේ ඉදිරි පෙළ 16 වැනි අංකය දරන ආසනයය.
මෙම ආසනය මෙවර පාර්ලිමේන්තුව ආරම්භයේ සිටම හිස්ව තැබීමට පියවර ගෙන තිබුණේ එජාපයෙන් පාර්ලිමේන්තු එන මන්ත්‍රීවරයාට ලබා දීම සදහාය.


No comments: