දැනටමත් සහන දීලා තියෙන්නෙ. ගිය මාසෙන් පස්සේ අපි ඉන්ධන මිල වැඩි කළේ නෑ. ඒක තමයි සහනය - කබ්රාල්
ඉන්ධන මිල සම්බන්ධයෙන් ජනතාවට දැනටමත් සහනයක් ලබාදී ඇති බවත් එය ඉතාම වැදගත් සහනයක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කරයි.
"දැනටමත් ඔබතුමන්ලා දැකලා ඇති, තෙල් මිල ජාත්‍යන්තරව ඇමරිකානු ඩොලර් 40කට තිබිච්ච තෙල් මිල අද 76 දක්වා වැඩිවෙලා තියෙනවා. ඒත් වැඩිකරලා නෑ අපි. ඉතිං ඒක නිසා ඒක තමයි සහනය. ඉතා වැදගත් සහනයක් ජනතාවට ලැබිලා තියෙනවා. ඩොලර් 76 වුණත් තෙල් බැරලයක මිල .. ඔබතුමන්ලා සමහරවිට හිතන්න පුළුවන් කොහොමද අපි මේක මේ ගාණටම තියාගෙන ඉන්නෙ කියලා. ඉතිං ඒවගේ අපි තියාගෙන ඉඳලා තියෙනවා. ඒක තමයි සහනය. ඒක ඉතාමත්ම වැදගත් සහනයක්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ඉන්ධන මිල සම්බන්ධයෙන් නුදුරේදීම ජනතාවට සහනයක් ලැබේදැයි මාධ්‍යවේදීන් ඊයේ (10) මහනුවරදී විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව ප්‍රකාශ කළේය.
No comments: