අගමැති ඇතුළු මුලු කැබිනට් මණ්ඩලයම නීතිවිරෝධීයි - ඕමල්පේ සෝභිත හිමි
අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ සමස්ත කැබිනට් මණ්ඩලයම නීතිවිරෝධී බව ඕමල්පේ සෝභිත හිමි පවසනවා. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව එම සංශෝධනයෙන් බලාත්මක වූ වගන්ති අනුව අමාත්‍ය මණ්ඩලය යළි දිවුරුම් දියයුතු වුවත් මේ දක්වා එවැනි දිවුරුම් දීමක් සිදුව නොමැති බවයි සෝභිත හිමි පෙන්වා දෙන්නේ.
ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අද පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් සෝභිත හිමි මේ බව සඳහන් කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 වැනි ව්‍යවස්ථාවට අනුව, සංශෝධිත වගන්ති සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය යළි දිවුරුම් දීම අනිවාර්ය බවද සෝභිත හිමි පවසනවා.
'රජය අර්බුදයකට යොමු කරන, මුලු රටම අවුලකට යොමු කරන මේ කුමන්ත්රණකාරී ව්‍යාපාරය අදාල අය නොදැනුවත්ව සිදුවූවක් නොවෙයි කියන බවයි අපේ අදහස. වත්මන් රජයේ අධිකරණ අමාතයවරයා කියන්නෙ නීති විශාරදයෙක් යැයි සම්මත කෙනෙක්. ඔහු මේ බව නොදැන සිටියාද ? තමන් ඇතුළු අමාත්‍ය මණ්ඩලය ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරනවාය කියන බව නොදැන සිටියා නොවිය හැකියි. එසේ නම් දැන දැන රජයත් රටක් අර්බුදයකට යොමු කරන කුමන්ත්‍රණයකට ඔහු දායක වුනාද කියන සැකය තොරතුරු දත් හැමදෙනා තුළම ඇති වෙනවා.'
රටේ පැවැත්ම තහවුරු වීම සඳහා ආණ්ඩුව ස්ථාවර වියයුතු බවත්, නීතිවිරෝධී කැබිනට් මණ්ඩලයක් විසින් එළඹි තීරණ, අනුමත කළ ගිවිසුම්වල තත්වයක කුමක්ද යන්න පිළිබඳව සිතා බැලිය යුතු බවද සෝභිත හිමි පෙන්වා දෙනවා.
-lankanewsweb
No comments: