පොලීසියෙන් කුදලගෙන ගිය "ආච්චි" හැමෝටම දැනෙන්න කියපු කතාව
කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විශ්වවිද්‍යාල පනතට එරෙහිව කෙරුණු උද්ඝෝෂණයට සහභාගි වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරි පිරිස මේ වන විට සිටින්නේ නිරෝධායනය වෙමින්. එහිදී බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ ඡායාරූපයක් තිබෙනවා.
ප්‍රසිද්ධ වූ ඡායාරූපය
ඒ උද්ඝෝෂණය කිරීමේ හේතුවෙන් අත්අඩංගුවට ගත් වයස්ගත කාන්තාවක් පොලිස් නිලධාරිනියන් හා නිලධාරීන් විසින් කුදලාගෙන යන ඡායාරූපයයි.
ඇය නමින් නැනසීලි ද සිල්වා මහත්මියයි.
රෝහල වෙත යන අතරතුර
ද සිල්වා මහත්මිය ඉකුත් සදුදා වෛද්‍ය පරීක්ෂණයක් වෙත රැගෙන යන අවස්ථාවේ බී.බී.සී සිංහල සේවය සමග අදහස් දක්වා තිබුණා.
තමා මෙම උද්ඝෝෂණයට එක් වුණේ උප නූපන් සියලුම දුවා දරුවන් වෙනුවෙන් බවයි ද සිල්වා මහත්මිය පවසා තිබෙන්නේ.
මේ පනත පසුගිය ආණ්ඩුව ද අකුලා ගත් බව එහිදී පෙන්වා දී තිබෙන ද සිල්වා මහත්මිය රටේ ඉදිරි අධ්‍යාපන අයිතිය වෙනුවෙන් තමාද මැදිහත් වූ බවයි සඳහන් කර තිබෙන්නේ.
ඉදිරියේදිත් සටනට මම සූදානම්
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මෙන්ම පවතින ක්‍රමය වෙනස් කිරීම සඳහාත් පෙළ ගැසෙන ලෙස ද සිල්වා මහත්මිය තරුණ පරපුරෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.
රෝහල වෙත පැමිණීමට හේතු වූ සිය රෝගී තත්ත්වය ගැනද අදහස් දැක්වීමට අමතක නොකළ ද සිල්වා මහත්මිය පවසා තිබෙන්නේ තමාගේ අතපය හන්දි වලින් පොලිසිය ඇද්ද නිසා නිරෝධායනයට යොමු කළ දිනට පසු දින තමා නැගිට්ටේ ඇගේ හයියටත් වඩා හිතේ හයිය නිසා බවයි.
කුමන අමාරුවක් තිබුනත් අවශ්‍ය වෙලාවට තව අඩියක් ඉස්සරහට තැබීමට තමන් සූදානම් බවයි ද සිල්වා මහත්මිය විශේෂයෙන්ම මතක් කර තිබෙන්නේ.
No comments: