Thursday, September 18 2025

Header Ads

සතියක් තුළ කොවිඩ් මරණ 1386ක්. PCR අඩු කරලා, සෞඛ්‍ය බලධාරීන් ලෙඩ්ඩු හොයන්නේ නෑ - සමන්

රටේ කොවිඩ් මරණ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යන නමුත් සෞඛ්‍ය බලධාරීන් රෝගීන් වැඩිවැඩියෙන් හඳුනාගැනීම සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති අතර ඊට ප්‍රතිවිරෝධී ලෙස PCR පරීක්ෂණ සංඛ්‍යාව අඩුකර ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි. 

"සතියක් තුළ අපේ රටේ මරණ වාර්තා වෙනවා 1,386ක්. ඒවගේම රෝගීන් වාර්තා වෙනවා 30,625ක්. වර්තමාන ආණ්ඩුව ඒ වගේම සෞඛ්‍ය බලධාරීන් ලෙඩ්ඩු හොයන්න කටයුතු කරන්නෙ නෑ. දැන් 19 වෙනිදා පීසීආර් පරීක්ෂණ කළේ අපේ රට 22,290යි. 28500 සිට 22500 වගේ ප්‍රමාණයකට අඩුකරලා තියෙනවා. හැබැයි රෝගීන්ගේ සංඛ්‍යාව 850කින් විතර වැඩිවෙලා තියෙනවා. 

ඊළඟට ලොක්ඩවුන් එක දැන් 31න් ඉවරයි, ආපහු දාලා තියෙනවා සතියක්. මේක විද්‍යානුකූලව කළමනාකරණය කළයුතු කිසිවක් මේ සතිය ඇතුළත කරන්න ආණ්ඩුව සැලසුම් කරලා නෑ" 

සමන් රත්නප්‍රිය මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ (28) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි. 

Leave a Comment

Powered by Blogger.