පරාක්‍රම සමුද්‍රයේ ජොගින් ට්‍රැක් හදන්න තීන්දු කළ අයට හිටපු විගණකාධිපති සාප කරයි - (video)
අප බෞද්ධයෝ වුවත් පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ආශ්‍රීතව ඇවිදින මංතීරුවක් සකස් කිරීමට උපදෙස් දුන අය හට ජාතියක් වශයෙන් එක්ව සාප කළ යුතු බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ මොන දේශපාලකයා මෙම තීන්දුව ගත්තද ඔහුට ඔහුට දඩුවම් ලබා දීමට කටයුතු කළ යුතු බවකි.
මේ හේතුවෙන් වැවට විශාල හානියක් සිදුව ඇති බවද ඒ මහතා කීය.
නිවැරදි කළ නොහැකි මට්ටමින් දැනටත් වැව් බැම්මට හානි කර ඇති බවද හිටපු විගණකාධිපතිවරයා කියා සිටියේය.
No comments: