Header Ads

Breaking News
recent

තවත් පාලම් පාරුවක් පෙරළිලා 5ක් වැටිලා අයෙක් අතුරුදහන්!

කළු ගඟ හරහා මගීන් එතෙර කරන ඔරුවක් (පාලම් පාරුවක්) ඊයේ (03) රාත්‍රී පෙරළී යාමෙන් එහි ගමන් කළ පුද්ගලයින් 5 දෙනෙකු ගඟට වැටී ඉන් එක් පුද්ගලයෙකු අතුරුදන් වී ඇතැයි, පොලීසීය පවසයි.
ගඟේ ගිලී විලාප නගමින් සිටි සිව්දෙනෙක් අසල සිටි තොටුපොළක ඔරුවක් ආධාරයෙන් බේරාගෙන ඇති අතර එක් පුද්ගලයෙකු බේරා ගැනීමට නොහැකි වී ඇතැයි පැවසේ.

අනතුර සිදුව ඇත්තේ,  කළු ගඟේ, ගල්පාත තොටුපොළේ සිට බොලොස්සගම තොටුපොළ වෙත යාත්‍රා කරමින් තිබියදී ය.

එම පාලම් පාරුවේ පටවා ගෙන ගිය යතුරු පැදි 03 ක් සහ පා පැදියක් ද ගඟට වැටී ඇති අතර එම යතුරු පැදි හා පා පැදිය ද ගඟේ ගිලී ඇත.

අතුරුදන් පුද්ගලයා සොයා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර තිබේ.
 
මීට පෙර ඉකුත් නොවැම්බර් 23 වැනිදා ත්‍රිකුණාමලය, කින්නියා, කුරිඤ්ඤන්කර්නි ප්‍රදේශයේ කලපුවක යාත්‍රා කළ පාරුවක් පෙරළීමෙන් ළමුන් පිරිසක් අනතුරට ලක්ව ළමුන් සය දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

No comments:

Powered by Blogger.