මත්තලින් ඉස්සූ හරක් සෙට් එකක් ඇමති ලේකම් මස් කරන්න හදලා!
රාජ්‍ය ඇමැති සම්බන්ධීකරණ ලේකම්වරයකු මත්තල ප්‍රදේශයෙන් සොරකම් කරන ලද ගවයන් 20 දෙනකු බණ්ඩාරවෙල මස්කඩ ව්‍යාපාරිකයකු වෙත රැගෙන යමින් සිටියදී ලුණුගම්වෙහෙර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මරණයට කැපවූ සත්වයන් නිදහස් කොට ජනතාවට ලබාදීමේ ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ සහතික පත්‍රයක් අවභාවිත කරමින් මෙම ගවයින් පිරිස ප්‍රවාහනය කරමින් සිට ඇත.
අත්අඩංගුවට පත් වූ ප්‍රධාන සැකකරු සඳහන් කර ඇත්තේ 2020 ජුනි මස 10 වැනි දින ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමය ප්‍රධාන සැකකරු වන දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි අයකුට සහතික පත්‍රයක් නිකුත් කර ඇති අතර එම සහතික පත්‍රය පොලිසිවල ස්ථානාධිපතිවරුන්ට පෙන්වා ගවයන් ප්‍රවාහන කටයුතු නීතිමය අවසරයකින් තොරව කළ බවය.
ඇමැතිවරයකු ගවයන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ලබාදී ඇති ස්තුති කිරීමේ ලිපියක් පොලිස් නිලධාරීන්ට පෙන්වා මෙම සැකකරුවන් පලායාමට උත්සාහ කර ඇත.
අත්අඩංගුවට ගත් ලොරි රථ දෙක සහ සැකකරුවන් හතරදෙනාත් ගවයිනුත් තිස්සමහාරාම උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම ගවයන් ඔවුන්ගේ හිමිකරුවන් සොයා භාරදීමට අධිකරණය පොලිසියට නියම කර තිබේ.
No comments: