හැමෝම බලන් ඉද්දි බැසිල් නවදිල්ලියේ ප්‍රසිද්ධ වැසිකිළියකට ගියේ ඇයි?
ඉන්දියාවේ, නවදිල්ලියේ පිහිටි සුලාබ් සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන සුලාබ් වැසිකිලි ජාත්‍යන්තර වැසිකිලි කෞතුකාගාරය නැරඹීමට මෙරට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ ගොස් තිබිණ.
කලකට ඉහත ටයිම් සඟරාව විසින් ලොවපුරා ඇති අමුතු කෞතුකාගාර දහයෙන් එකක් ලෙස මෙම වැසිකිලි කෞතුකාගාරය නම්කර තිබිණ.
මෙම වැසිකිලි කෞතුකාගාරය 1992 දී ස්ටොක්හෝම් ජල ත්‍යාගය ඇතුළු ජාතික හා ජාත්‍යන්තර සම්මානලාභී, සුලබ් සනීපාරක්ෂක සහ සමාජ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ නිර්මාතෘ, සමාජ ක්‍රියාකාරිකයෙකු වන ආචාර්ය බින්දේෂ්වර් පතාක් විසින් පිහිටුවන ලද්දකි.
2009 දී මෙම කෞතුකාගාරය පිහිටුවීමේ අරමුණ වූයේ ක්‍රි.පූ. තුන්වන සහස්‍රයේ සිට ලෝකයේ විවිධ ප්‍රදේශවල මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ගත් උත්සාහයන් සැලකිල්ලට ගනිමින් රටේ සනීපාරක්ෂක අංශයේ ගැටලු විසඳීමේ අවශ්‍යතාවය ඉස්මතු කිරීමය.
No comments: