Header Ads

Breaking News
recent

බැසිල් ඉන්ධන මිල වැඩි කර ඇමරිකාවට පැන ගියා.. ඔහු අගමැති වුනොත් රට බංකොලොත්..

සමගි ජනබලවේගය එක්සත් ජාතික පක්ෂය සමග එක්ව මේ රටේ ඉදිරියේදි පැවැත්වෙන ඕනැම මැතිවරණයකදි වත්මන් රජය පරාජය කිරිමට පියවර ගන්නා  බව හිටපු අමාත්‍ය සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම (සමගි ජනබලවේගය) පලනි දිගම්බරම් මහතා පැවසිය.

හැටන් නගරයේදි විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පලනි දිගම්බරම් මහතා වැඩිදුරටත් කියා සිටියේ 2015 වසරේ පැවති මැතිවරණය මෙන් ඉදිරියේදි පැවැත්වෙන ඕනැම මැතිවරණයකදි එක්සත් ජාතික පක්ෂය සමගි ජනබලවේගය එක්ව කටයුතු කරන බවට තමන් තුල විශ්වාසයක් ඇති බවද පලනි දිගම්බරම් මහතා පැවසිය.

ජිවන වියදම අහස උසට ඉහල ගොස් ඇති බවත්, පොහොර නොමැතිව ගොවියා මෙන්ම වතු කම්කරුවාද දැඩි පිඩාවට පත් වි සිටින බවත්, මේ රටේ ආහාර හිගයක් ඉදිරියේදි ඇතිවන බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යධුරයේ වැඩ භාරගැනිමෙන් අනතුරුව මේ රටේ ජනතාව ඔහු කෙරෙහි විශ්වාසයක් තැබු බවත්,බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යධුරය භාරගෙන ඉන්ධන මිල වැඩිකර ඇමරිකාවට පලා ගිය බවත්,එවැනි අමාත්‍යවරයෙකු රටේ අගමැතිවරයා වුවහොත් මේ රට ආර්ථික වශයෙන් තව දුරටත් බංකොලොත් වි රටේ ජනතාවට දැඩි පිඩාවක් ගෙන දෙන බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන්ව මේ රටේ ජනතාව පහර දි එලවා දැමිමට සුදානමින් සිටින බවත්, ඉහල යන ජිවන වියදම හමුවේ රජයට සහයෝගය දැක් වු වතු කම්කරුවන් මෙන්ම විපක්ෂයට සහයෝගය දැක් වු වතු කම්කරුවන්ට දැඩි පිඩාවට පත් වි සිටින බවත්,වතු කම්කරුවන්ගේ යටිතල පහසුකම් නංවාලිස යහපාලන රජයෙන් සිදු කිරිමෙන් අනතුරුව වත්මන් රජයෙන් එවැනි පහසුකම් ලබානොදුන් බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.

රසායනික පොහොර තේ වගාවට එක් නොකිරිම තුලින් තේ ආර්ථිකය කඩා වැටි වතු කම්කරුවන්ගේ රැකියාද අහිමි විමේ අවධානමක් පවතින බවද පලනි දිගම්බරම් මහතා කියා සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

No comments:

Powered by Blogger.