Header Ads

Breaking News
recent

Exclusive - අල වගේද ගෝවා; වැඩ වගේද ඈෂ්ලිගේ පඩි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගේ වාර්ෂික වැටුප් වර්ධකය මෙවර රුපියල් ලක්ෂ හතරක් බව වාර්තා වේ. පසුගිය වසර කිහිපයේද වරින් වර ලක්ෂ ගණන් වලින්ම වැටුප් වර්ධක ලබා ගත් මොහුගේ මාසික වැටුප  දීමනාද සහිතව දැන් මිලියන දෙකක් බව පැවසේ.

 වෙනත් රටවල ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරින්ගේ වැටුප් සමග තම වැටුප සංසන්දනය කරන මෙන් ඔහු විසින් කරන ලද ඉල්ලීමක් අනුව විධායක සභාව විසින් මෙම වැටුප් වර්ධකය අනුමත කර තිබේ.

මෙම වැටුප් වර්ධකය මොහුට ලබා දී ඇත්තේ ක්‍රිකට් ආයතනයේ සෙසු සේවකයන්ට වසර කිහිපයකින් වැටුප් වර්ධක ලබා නොදී තිබියදීය.

මෙම ප්‍රධාන විධායක නිලධාරියාට මෙසේ විශාල වැටුප් වර්ධකයක් ලබා දී තිබෙන්නේ ඔහුට විරුද්ධව බරපතල චෝදනා ගණනාවක් තිබියදී වීම විශේෂත්වයකි.

මේ අතර පෞද්ගලික ඇමරිකන් ගිණුමකට ඩොලර් යැවීම, ඩුබායිහි පැවති T10 තරගාවලියකට අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා කණ්ඩායමක් යැවීම හා එයට ලැබුණු මුදල් අස්ථාන ගත කිරීම, සේවිකාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම යන චෝදනා ඔහුට විරුද්ධව ඇත.

මේ සම්බන්ධයෙන් නඩු දෙකක් විභාග වෙමින් පවතින අතර T10 තරගාවලිය ගැන අවිශ්ක ගුණවර්ධන විසින් ක්‍රීඩා අමාත්‍යාංශයේ පොලිස් විමර්ශණ ඒකකයට යොමු කරන ලද පැමිණිල්ලක් තවමත් විමර්ශණය වෙමින් පවතී.
-srilankamirror

No comments:

Powered by Blogger.