රාජපක්ෂවරුන්ගේ ජනප්‍රියත්වය පහත වැටීම තාවකාලිකයි - නාමල් කියයි
ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ පසුගියදා ඩේලිමිරර් පුවත්පතේ ජමිලා හුසේන් සමග පැවැත්වූ සාකච්ඡාවකදී දැක්වූ අදහස් අතරින් කොටසක් මෙසේය.
ප්රශ්නය : 2019 වසරේදී ජනාධිපති ගෝඨාභය විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගත්තා. අගමැති මහින්ද මෙන්ම ඔබත් වාර්තා බිඳලමින් ඉහළම ඡන්ද සංඛ්‍යා හිමි කරගනිමින් මැතිවරණ ජයගත්තා. නමුත් 2022 වසරේදී ඔබ සිතනවා ද පවුල් දේශපාලනයේ ප්‍රතිඵලයක් ලෙස අප අද මුහුණ පා සිටින අර්බුද ඉදිරියේ ඔබලාගේ ජනප්‍රියත්වය පහත වැටී ඇති බව?
පිළිතුර : ඕනෑම දේශපාලඥයෙකුගේ ජනප්‍රියත්වය සෑම විටම හිණිපෙත්තේ රැඳී පවතින්නේ නැහැ. නායකයන්ගේ ජනප්‍රියත්වය හැමවිට ම උච්චාවචනය වෙනවා. මිනිසුන්ගේ අවශ්‍යතාත් ඉතා ප්රබලව වෙනස් වෙනවා. මේ නිසා දේශපාලඥයන්ටත් සිදු වෙනවා නිරන්තරයෙන් තම ඡන්දදායකයන් සමඟ අන්තර් සබඳතා පවත්වා ගනිමින් ජනතාවගේ ඉල්ලුම සපුරාලන අයුරින් තම ප්‍රතිපත්ති යාවත්කාලීන කරන්න. ගැලපෙන දේවල් ගැන හොයන්න.
රාජපක්ෂවරුන් හැම විටම ගොවියන්ට හිතවාදී, ග්‍රාමීය ගොවි පරම්පරාවක පවුලක්. එම නිසා අපි එකවරම රසායනික පොහොර වෙනුවට රසායනික නොවන පොහොර භාවිතයට ගැනීම සම්බන්ධයෙන් ප්‍රබල තීරණයක් ගන්නා විට, ඔව්, අපේ ජනප්‍රියත්වයට එය බලපෑවා. මං ඔබ සමග එකඟයි එම කරුණ පිළිබඳව.
ප්රශ්නය : මම පොහොර ගැටලුව ගැන පමණක් අදහස් කළේ නෑ අමාත්‍යතුමනි, මම කතා කරන්නේ ඩොලර් හිඟය, ආර්ථික අර්බුදය ඉහළ යන ජීවන වියදම වැනි රටේ අනෙකුත් ගැටලු සම්බන්ධව යි. මහජනතාව රජයට දෝෂාරෝපණය කරන්නේ මේවායේ යම් අසමත්වීම් ඇතිවූ නිසායි.?
පිළිතුර : ඔබ දන්නවා අප බලයට පත්වීමත් සමග අපට ගෝලීය වසංගතයකට මුහුණ පෑමට සිද්ධ වුණා. වසර 10 - 12 ක කාලයක් අඛණ්ඩවම කිසිදු දේශපාලඥයෙක් හෝ දේශපාලන පවුලක් ඉහළ ජනප්‍රියත්වයක් අත් කරගෙන නැහැ.
රාජපක්ෂවරුන්ගේ ජනප්‍රියත්වය පහත වැටෙමින් තිබුණත් එය තාවකාලික පහත වැටීමක් බවයි මගේ විශ්වාසය.
සෑම විට තෘප්තිමත් මෙන් ම අතෘප්තිමත් මිනිසුන් රාශියක් දකින්න ලැබෙනවා. නමුත් අවසානයේ, මිනිසුන්ට වඩාත් ම ගැළපෙන තීරණය ගත යුතුයි.
ප්රශ්නය : අමාත්‍යතුමනී, ඔබේ විෂය වන්නෙ ඩිජිටල්කරණයයි. ශ්‍රී ලංකාව තම මූලික අවශ්‍යතාව පවා හිඟයකින් පෙලෙන අවස්ථාවක ඔබතුමාට PayPal වැනී මූලික අංගයක් ලංකාවට හඳුන්වාදීම ගැන ඉල්ලීම් මතුවෙනවා ඇයි මේ ගැටලු පිළිබද පළමුව සොයා නොබලන්නේ?
පිළිතුර : paypal යනු පෞද්ගලික සමාගමක්. ඒ නිසා මං හිතන්නේ නෑ කුමන හෝ රජයකට හැකියාවක් ඇතැයි කියා ඔවුන් ප්‍රවේශ විය යුතු ස්ථාන පිළිබඳ නියමයන් ඉදිරිපත් කරන්න. නමුත් කතා කරන ක්‍රමය වෙනස් කිරීම අවශයයි. තාක්ෂණය භාවිතයෙන් මිනිසුන්ට තම කටයුතු ඔවුන් විසින් ම සිදු කරගැනීමට හැකිවන පරිදි ක්‍රමය වෙනස් නොකළහොත්, රටක් වශයෙන් අපට ඉස්සරහට යන්න හැකියාවක් නොමැති වේවී.
No comments: