නියෝජ්‍ය කතානායක ධූරයට නම් 2ක්... සියඹලාපිටියගේ නම නිමල් යෝජනා කරයි... සජබය ඉමිතියාස්ගේ නම යෝජනා කරයි... රහස් ජන්දයකට ලෑස්ති වෙයි!
නියෝජ්‍ය කතානායක ධූරය සදහා නම් 2ක් යෝජනා විය.
ඒ රංජිත් සියඹලාපිටිය මහතාගේ නම සහ ඉමිතියාස් බකීර් මාකාර් මහතාගේ නමය.
සියඹලාපිටිය මහතාගේ නම නිමල් සිරිපාල සිල්වා මහතා යෝජනා කළ අතර එය ස්ථිර කළේ සුසිල් ප්‍රේමජයන්ත මහතාය.
ඉමිතියාස් මහතාගේ නම රංජීත් මද්දුමබණාර මහතා යෝජනා කළ අතර එය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ස්ථිර කළේය.
ඒ අනුව දැන් රහස් ජන්දයකට පාර්ලිමේන්තුව සූදානම් වෙමින් සිටී.


No comments: