Header Ads

Breaking News
recent

‘කපුටු කාක් – බැසිල් බැසිල්’ හෝන් ගැසීමෙන් වාහන ගිනි ගනීවි - අනතුරු ඇගවෙයි

අද වන විට වාහන රියදුරන් අතර ජනප්‍රිය වී ඇති ‘කපුටු කාක් කාක් කාක් බැසිල් බැසිල් බැසිල් බැසිල්’ රිද්මය නිකුත් කරන නලා හැඬවීම හේතුවෙන් වාහන ගිනි ගැනීමට ලක් විය හැකි බව යාන්ත‍්‍රික ඉංජිනේරු මූර්ති දේවසුරේන්ද්‍ර මහතා සඳහන් කරයි.

දිගුවේලාවක් වාහන නළා හැඬවීම නිසා එම වයර් ඔස්සේ අධික ධාරාවක් ගමන් කිරීමෙන් වාහන ගිනි ගැනීමක් ඇති විය හැකි බව ඔහු පැවසීය.

සාමාන්‍යයෙන් වාහන නලා නිර්මාණය කරන්නේ තත්පර කිහිපයක් සඳහා පමණක් බවද හෙතෙම පැවසීය.

එක දිගට නලා භාවිතා කිරීම හේතුවෙන් විශාල ධාරාවක් වයර් හරහා ගමන් කිරීමෙන් ගිනිගැනීමක් ඇති විය හැකි බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයාට සහ රජයට එරෙහිව විරෝධතා ආරම්භ වීමත් සමග විරෝධතාකරුවන් විසින් ‘කපුටු කාක් කාක් කාක් බැසිල් බැසිල් විසින් බැසිල්’ යන විරෝධතා පාටය හඳුන්වා දීමෙන් පසු එය දැන් රට පුරා වාහන රියදුරන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබේ.


No comments:

Powered by Blogger.