Header Ads

Breaking News
recent

තවත් ඇමති ධූර 50ක් දෙන්න යයි! (වීඩියෝ)

තවත් පනස් දෙනෙකුට පමණ ඇමති ධුර ලබාදීමට යන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා කියයි. එසේ ඇමතිකම් දී 21 වන සංශෝධනය සම්මත කර ගැනීමට උත්සාහයක් දරන බවට ද ඔහු චෝදනා කරයි.

සිය ෆෙස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් හර්ෂ ද සිල්වා මහතා මේ බව අනාවරණය කර තිබේ.

තම මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පෝලිමක සිටින අතරතුර ඔහු මෙම වීඩියෝව අන්තර්ජාලයට එක්කර ඇත.

දේශපාලන වාසි වලට ලාබ වලට කටයුතු කරන්නේ නම් අද තමන් මුදල් අමාත්‍යවරයා බවද හෙතෙම එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

No comments:

Powered by Blogger.