Header Ads

Breaking News
recent

මහින්දව මානව හිමිකම් කොමිසමට කැඳවයි!

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙම ජුනි 01 වැනිදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
ඉකුත් 09 වැනිදා ගාලුමුවදොර ගෝඨාගෝගම සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාවන්ට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සහ ඉන් අනතුරුව ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම් සම්බන්ධයෙන් සිදු කරන විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබේ.

එම විමර්ශනයට අදාළව මෙම ජුනි 01 වැනිදා ප්‍රකාශ සටහන් කර ගැනීමට ඇමැති රමේෂ් පතිරණ, හිටපු ඇමැතිවරුන් වන නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන යන අයද මානව හිමිකම් කොමිසම වෙත කැඳවා ඇත.

මීට අමතරව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන නිලධාරීන් ද ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ලබන ජුනි 02 වැනිදා මානව හිමිකම් කොමිසම වෙත කැඳවා ඇතැයි එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

No comments:

Powered by Blogger.