Header Ads

Breaking News
recent

පොලිස් නිලධාරීන්ට වටකොට පහර දෙයි.. බරපතල වී රෝහලේ…

අහුන්ගල්ල පොලීසියේ පොලිස් ජංගම නිල රථයේ ගමන් ගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට ඊයේ (29) රාත්‍රී බළපිටිය, නායක පන්සල අසලදී බීමත්ව සිටි පිරිසක් විසින් පහර දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (29) රාත්‍රියේම සැකකරුවන් තිදෙනෙක් (03) අහුන්ගල්ල පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි. සැකකරුවන් අද (30) බළපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙම පහර දීමෙන් බරපතල තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයෙක් මේ වන විට බළපිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබෙන අතර ඔහු රෝහලේ 1 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී. මෙසේ රෝහල්ගත කර ඇත්තේ ත්‍රිමාවිතාන නැමැති පොලිස් කොස්තාපල් වරයෙකි. පොලිස් කොස්තාපල්වරයාගේ මුහුන හා හිස ප්‍රදේශයේත් තවත් ස්ථාන කිහිපයකත් තැලීම් තුවාල රැසක් තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

බළපිටිය, වැලිතර නායක පන්සල අසල මංගල උත්සවයකට සහභාගී වී පිටව යමින් සිටි බීමත් පිරිසක් විසින් මෙම පහර දීම සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන තිබේ. මංගල උත්වසයේ සිටි පිරිස බීමත්ව කලහකාරී ලෙස ගාලුපාරේ හැසිරෙමින් සිටියදී අහුන්ගල්ල පොලීසියේ ජංගම ත්‍රීරෝද රථය එම ස්ථානයට පැමිණ තිබෙන බවත් එහි සිටි පොලිස් කොස්තාපල්වරයා ත්‍රීරෝද රථයෙන් බැස සිද්ධිය සමථයකට පත් කිරීමට උත්සාහ කල අවස්ථාවේ මෙම පහර දීම සිදුකර තිබෙන බවත් අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. සිද්ධිය සමථයකට පත් කිරීම සදහා පොලිස් කොස්තාපල්වරයා අහසට වෙඩිතබා තිබෙන බවද අහුන්ගල්ල පොලීසියට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම පොලිස් ජංගම ත්‍රීරෝද රථයේ ගමන් කර ඇත්තේ රියදුරු මහතාට අමතරව මෙම පොලිස් කොස්තාපල්වරයා පමණි. සාමාන්‍යයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් පමණක් ජංගම රථයේ රාත්‍රී මුර සංචාර සදහා නොයොදන බවද දැන ගන්නට තිබේ. පොලිස් කොස්තාපල් රියදුරු මහතා රථය ආරක්ෂා කිරීම සදහා රථයේ රැදී සිටිය යුතු අතර කලහකාරී සිදු වීමක් තවත් එක් නිලධාරියෙකුට වලක්වාගත නොහැකි වීම මීට හේතුවයි. මේ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරිවරයා විසින් පැවැත්වීමට නියමිත බවද අම්බලන්ගොඩ පොලීසියට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

ඇල්පිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරී වයි එල් ලීලවංශ මහතාගේ උපදෙස් පරදි අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු පොලිස් නිලධාරී පිරිසක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

– ජයකාන්ත ලියනගේ

No comments:

Powered by Blogger.